ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ වාර්ෂික ආගමික පූජෝත්සවය මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස සහ අද (2021 ඔක්තෝම්බර් මස 24 වන) දින තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදූ හා අතුරුදහන්වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ ආගමික  උත්සවයක්  සහ දානමය පිංකමක් මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී 11 වන වරටත් සුභසාධන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

මෙම ආගමික පූජෝත්සවය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ චාමිණි පතිරණ මහත්මිය 2021 ඔක්තෝම්බර් මස 23 වන දින සවස මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව වෙත පැමිණි අතර එහිදී ගුවන් හමුදාවේ දැනට සේවයේ නියුතු සියලුම නිළයන් සහ උත්තරීතර පරිත්‍යාගයන් කළ සියලු දෙනා වෙත ආශිර්වාද ලබා ගත් අතර අස්ගිරි පාර්ශ්වයේ සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිවරුන් ද හමු වු අතර ගුවන් හමුදාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කර ලදී.

මෙවර ආගමික උත්සවය ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර කොවිඩ්-19 වසංගතය වැලැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි