මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් 2021 දෙසැම්බර් මස 03 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් නිලධාරීන් සහ සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලදී.

මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස මහතාගේ මගපෙන්වීම යටතේ කඳවුරු වෛද්‍ය නිළධාරී ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යදීෂ රත්නසිරි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබු අතර ත්‍රිකුණාමලය ලේ බැංකුව සමගින්  එක්ව ත්‍රිකුණාමලය මහ රෝහලේ සහ ත්‍රිකුණාමලය ලේ බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණ විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි