දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ එළිමහන් ක්ෂේත්‍ර අභ්‍යාසයක් සහ "ඌව සුරකිමු" ප්‍රජා සේවා ව්‍යාපෘතිය
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින්  ක්ෂේත්‍ර අභ්‍යාසයක් වැලිඔය වැල්ලවාය ප්‍රදේශ මූලික කොට ⁣ගෙන 2021 දෙසැම්බර්  මස 06 වන දින  පවත්වනු ලැබීය.

මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වනුයේ සිවිල් ජනතාව සමඟ මහජන සම්බන්ධතා පැවැත්වීම පිළිබදව සහ අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රති-කැරලිකාර ක්‍රියාමාර්ග පිළිබඳව රෙජිමේන්තු කැඩෙට් නිලධාරින් සහ උසස් අවිකරු පුහුණු පාඨමාලාව හදාරන ගුවන් භටයින් හට දැනුම ලබා ගැනීමටයි.

මීට අමතරව සටන් පුහුණු පාසල විසින් එළිමහන් අභ්‍යාසය සමඟ ප්‍රජා සේවා ව්‍යාපෘති රැසක්ද සිදුකරන ලදී.  මේ අනුව වැලිඔය විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය පිරිස් සහ ද්‍රව්‍ය සපයමින් අවශ්‍යතා ඇති තෝරාගත් පවුල් කිහිපයකට සලාක බෙදාදීම සහ සුප්‍රසිද්ධ කූරගල් විහාරස්ථානයේ කඳු මුදුනට ගඩොල් ප්‍රවාහනය කිරීම ද සිදු කෙරිණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි