ගුවන් හමුදාපති විසින් ජනාධිපති සම්මාන ප්‍රදානයන් ප්‍රදානය කිරීම.
4:36pm on Monday 18th January 2010
ශ්‍රී ලංකාවේ බාලදක්ෂයෙකුට ලබාගත හැකි උසස්ම ප්‍රදානය වන ජනාධිපති ප්‍රදානය කොළඹ ගුවන් බාලදක්ෂ සමූහයේ කේ සුපුන් ලක්මාල් සිල්වා සහ ඩබ් ශශික මෙහෙරාන් ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ ගුවන් බාලදක්ෂයින්ට ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් 2010 වර්ෂයේ ජනවාරි 12 දින ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට වත්මන් ගුවන් බාලදක්ෂ සමූහයේ සමූහ බාලදක්ෂ නායක වින්ග් කමාන්ඩර් උදුල විජේසිංහ, අංශභාර නිලධාරී බලඝණ නායක සුජීව පොන්නම්පෙරුම, ජ්‍යෂ්ඨ බාලදක්ෂ නායක එච් එල් එම් පී නමුණුකුල සහ කනිෂ්ඨ බාලදක්ෂ නායක රෝහිත ස්ටේන්වෝල්ද සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි