පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සහ අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 12 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර සහ අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය අණදෙන නිළධාරී ගෲප් කැපටන් තුෂාර බණ්ඩාරගේ මගපෙන්වීම යටතේ අද (2022 ජනවාරි 05) 12 වන සංවත්සරය සමරන ලදී. සැමරුම  චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ වූ අතර පසුව සියලු නිලයන් සඳහා දිවා ආහාරයද පිලිගන්වන ලදී.

මෙම දිනයට සමගාමීව 2022 ජනවාරි 04 වන දින නුවරඑළිය ‘ග්‍රෙගරි ලේක්’ පරිශ්‍රයේ දී ශ්‍රමදාන වැඩසටහනක් ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි