දුරස්ථ පාලක ගුවන් යානා පාසලක්
ගුවන් හමුදා ඒකල කදවුරු පරිශ්‍රයේ දුරස්ථ පාලක මගින් පාලනය වන ගුවන් යානා, බෝට්ටු සහ මෝටර් රථ ආකෘති තහනමකින් තොරව පරිහරණය කල හැකි ප්‍රදේශයක්, පසුගියදා (පෙබරවාරී 19) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණ්තිලක විසින් විවෘත කරන ලදී.
 
ගුවන් හමුදාපති තුමාගෙ සංකල්පයක් සහ උපදෙස් මත ඒකල කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ජානක අමරසින්හගේ අධීක්ෂණය මත මෙම ඉථානය නිර්මාණය විය.
 
මෙම අවස්ථාවට  කොළඹ සහ ගම්පහ දිස්තික්කවල පාසැල් ළමුන්, කදවුරු පුද්ගලයින් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ අතර ආකෘති ගුවන් යානා ප්‍රදර්ශණයක්ද පැවැත්විනි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි