ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ 39 වන කඳවුරු දිනයට සමගාමීව සහ අලුතින් ඉදිකරන ලද උතුරු ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් 2021 නොවැම්බර් 22, 23 සහ 24 යන දිනයන්හිදී අනුරාධපුර ජාතික තරුණ සේවා සභා රංග පරිශ්‍රයේදී ලේ දන්දීමේ ව්‍යාපාරයක් ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසින් පවත්වන ලදී. ජාතික රුධිර පාරවිලයන සේවය සමඟින් මෙම කටයුත්ත සඳහා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අමිත ජයමහ මහතා මගපෙන්වීම සිදු කරන ලදි.
රට තුළ පවතින වසංගත තත්ත්වය තුළ රුධිර නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට රුධිරය පරිත්‍යාග කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණ විය. ගුවන් හමුදා අනුරාධපුර කඳවුරෙන් සේවා පුද්ගලයින් 207 ක්, වවුනියාව ගුවන් හමුදා කඳවුරෙන් සේවා පුද්ගලයින් 75 ක්, පලාලි ගුවන් හමුදා කඳවුරෙන් සේවා පුද්ගලයින් 26 ක්, පාලවි ගුවන් හමුදා කඳවුරෙන් සේවා පුද්ගලයින් 48 ක්, මුලතිව් ගුවන් හමුදා කඳවුරෙන් සේවා පුද්ගලයින් 28 ක්, ඉරනමඩු ගුවන් හමුදා කඳවුරෙන් 25 සහ වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ සේවා පුද්ගලයින් 29 දෙනෙකු ඇතුලුව 400 කට ආසන්න සේවා හා සිවිල් සේවක පිරිසක් මේ සඳහා දායක වූ අතර කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම උත්සවය පවත්වන ලදී.