රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා දිවයිනට පැමිණෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයක් මත රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (2021 නොවැම්බර් 22) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් ශ්‍රී ලංකා සංචාරයට පැමිණි ලේකම්වරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නිකොලායි පට්‍රෂෙව් මහතා අද (22) පස්වරුවේ ජනාධිපති, අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි