ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරෙහි නව අණදෙන නිළධාරී වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අද (2022 ජනවාරි 14) දින පැවැත්වුණු අතර එහිදී නික්මයන කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා නිලධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එස්ඒපිටී පියරත්න නිලධාරීතුමන්  වෙත වැඩ භාර දෙන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරෙහි නව  අණදෙන නිළධාරීයා ලෙස  ගෲප් කැප්ටන් එස්ඒපිටී පියරත්න නිලධාරීතුමන් කටයුතු කරන අතර නික්ම යන කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා නිලධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේහි කඳවුරු අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි