ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් ආසියානු වාර්තා පොතේ තම නම සටහන් කළ කෝප්‍රල් අබේසුන්දර ආර් ගේ ධෛර්යය සහ නොපසුබට උත්සාහය අගයමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සම්පූර්ණයෙන් ඉදිකරන ලද නිවසක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
කෝප්‍රල් අබේසුන්දර 2021 අප්‍රේල් 10 වන දින තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා පිහිනා ගොස් 2021 අප්‍රේල් 11 වන දින නැවත තලෙයිමන්නාරම වෙත පැමිණියේ ආසියානු දිගු දුර පිහිනුම් වාර්තාව කිලෝමීටර් 59.3 ක දුරක් පැය 28 යි මිනිත්තු 19 යි තත්පර 43 කින් පිහිනමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් අත්කර දෙමිනි.1971 දී වී.එස්.කුමාර් ආනන්දන් විසින් තැබූ වසර 50 ක් පැරණි වාර්තාව බිඳ දැමීමට ඔහු සමත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ජාතියට සහ ගුවන් හමුදාවට ගෙන ආ කීර්තිය සැලකිල්ලට ගනිමින් මෙම පුද්ගලයාගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් සම්පුර්ණයෙන් ඉදිකරන ලද නිවසක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදී.
කොග්ගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් තිළිණ රාජපක්ෂ සහ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලයේ අධීක්ෂණය යටතේ සම්පුර්ණයෙන් නිම කරන ලද නිවස කාකනදුරල ජම්බුගහවත්තේදී අද (2022 ජනවාරි 30) දින එයාර් කොමදෝරු කිත්සිරි ලීලාරත්න නිලධාරීතුමන් විසින් කෝප්‍රල් අබේසුන්දර ආර් වෙත ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ගුවන් හමුදා කොග්ගල සේවා වනිතා ඒකකයේ සභාපතිල උත්පලා රාජපක්ෂ මහත්මිය,කොග්ගල කදවුරේ නිළධාරීන් සහ සෙසු නිලයින්,සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු ඇතුඵ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් ද එක්ව සිටියහ.
COVID-19 පැතිරීම වැලැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව නිවාස ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණි.