ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුරෙහි වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය (2022 පෙබරවාරි 01) දින පැවති අතර කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජී.පී.එන්.සී.පියසේන නිලධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ.වර්ණසූරිය නිලධාරීතුමන් වෙත වැඩ භාර දෙන ලදී.
නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ.වර්ණසූරිය නිලධාරීතුමන් මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුරෙහි පුහුණු පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී කරනු ලැබීය.