අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 15 වැනි සංවත්සරය සමරයි
9:59am on Thursday 23rd June 2022
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2022 පෙබරවාරි 01 වන දින සිය 15 වන සංවත්සරය සමරන ලදී.

ඉන්දියාවේ නිෂ්පාදිත ඉන්ද්‍රා MKII,2D ජංගම රේඩාර් වලින් සමන්විත අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2007 ජනවාරි 31 වන දින ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියට ඇතුළත් කරන ලදී. මෙම බලඝණය 2007 පෙබරවාරි 1 වන දින ගුවන් හමුදා චීන වරායේ කඳවුරේ දී නිල වශයෙන් විවෘත කරන ලද අතර 2012 මැයි 07 වන දින චීන නිෂ්පාදිත YLC18 රේඩාර් පද්ධතිය  වීරවිල ගුවන් හමුදා කඳවුර වෙත  නැවත මාරු කරන ලදී.

අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයට අණදෙන නිළධාරීන් 8 දෙනෙකු විසින් අණ දී ඇති අතර දැනට විංග් කමාන්ඩර් චින්තන ද සිල්වා නිලධාරීතුමන් බලඝණයේ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබයි.

සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව බලඝණය විසින් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව කතරගම වැඩිහිටි නිවාසයේ දී දානමය පිංකමක් සහ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ද පවත්වන ලදී.අවසානයේ බලඝණයේ සියලුම නිළයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා වීරවිල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අශෝක කෝරලගේ නිලධාරීතුමන් සහභාගී විය. මෙම සංවත්සර COVID-19 වැළැක්වීම සඳහා පිහිටුවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි