ගුවන් හමුදා රග්බි කන්ඩායම යුධ හමුදා කන්ඩායම පරාජයට පත් කරයි
10:16am on Thursday 23rd June 2022
2022 පෙබරවාරි 19 දින රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී පැවති ශ්‍රී ලංකා රග්බි අන්තර් සමාජිය ඒ’ කොටසේ රග්බි තරගාවලියේදී  යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 12ක් ලබා ගනිමින් ගුවන් හමුදා රග්බි කන්ඩායම තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කන්ඩායම පළමු භාගයේදී ලකුණු 12-00ක් ලෙස ඉදිරියෙන් සිටියේ උත්සාහක දිනුම් 02ක් සහ එක් උත්සාහක දිනුමක් සාර්ථක ලෙස ප්‍රවර්තනය කර ගනිමිනි.ගයන්ත ඉද්දමල්ගොඩ විසින් සාර්ථක ලෙස ප්‍රවර්තනය කරන ලද පහසු උත්සාහක දිනුමක් සමඟින්  ජයග්‍රහණය සම කළේය.ප්‍රථම අර්ධය තුළදී අංජුල රවිදු හෙට්ටිආරච්චි දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ ගුවන් හමුදාවට නිසි ආධිපත්‍යය ලබා දෙමිනි.

2 වැනි අර්ධයේ ආධිපත්‍යය දැරූ ගුවන් හමුදා පිල අවසන් මොහොත දක්වා එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොදුන් අතර යුද හමුදා ක්‍රීඩා සමාජයේ සුදාරක දික්කුඹුරගේ වාසනාවන්ත ලකුණත් සමඟින් ලකුණු 12-05ක් ලෙස ලකුණු පුවරුව දැක්වීය.යුධ හමුදා පිලට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රසාද ලකුණු සටහනේ 04 වැනි ස්ථානයට පැමිනෙන්නේ ශ්‍රී ලංකා අන්තර් සමාජිඒ’ කොටසේ රග්බි තරගාවලියේ පළමු වටය සඳහා තවත් තරග දෙකක් ඉතිරි කරමිනි.

 COVID-19 මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීමෙන් මෙම තරගය පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි