2022/2023 ශ්‍රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට නව සභාපතිවරයෙක් පත් කරන ලදී
10:21am on Thursday 23rd June 2022
2022/2023 ශ්‍රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ සභාපතිවරයාගේ පත්වීම් උත්සවය ඊයේ (2022 පෙබරවාරි 20) දින කටුනායක'ඊගල්ස් ලගූන්ස් වීව් බෝජන සංග්‍රහ ශාලාවේදී' ඉතා උත්කර්ෂ්වත් ලෙස පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහභාගි වූ අතර ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ශල්‍ය වෛද්‍ය පීඨයේ මහාචාර්ය එම්.එස්.ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා සහභාගී විය.

චාරිත්‍රානුකූලව පිළිගැනීමේ දේශනය ශ්‍රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සභාපති බ්‍රිගේඩියර් පී.ඒ.සී.ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලද අතර ඔහු විසින් පසුගිය වසරේ විද්‍යාලයේ ක්‍රියාකාරකම් සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව අවධාරනය කරන ලදී.ගෞරවනීය ආරාධිත අමුත්තා වූ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා සිය දේශනයේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය සේවාවන්හි ඇති වැදගත්කම සාකච්චා කල අතර හමුදා සහ සිවිල් වෛද්‍ය සහෝදරත්වයේ අන්තර් රඳා පැවැත්මේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වසංගත තත්ත්වය තුළ ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය සේවාවන් විසින් සිදු කරන ලද සුවිශාල මෙහෙවර පිළිබඳව අවධානය යොමු කළ අතර,සාර්ථක අධ්‍යයන සැසියක් ලබාගැනීමට සිය දේශනයේදී ප්‍රාර්ථනා කළේය.

මෙහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය විද්‍යාලයේ 6 වැනි සභාපතිවරයා ලෙස එයාර් කොමදෝරු නිලූකා අබේසේකර මහත්මිය බඳවා ගැනීමයිග ශ්‍රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ අභිනවයෙන් තේරී පත් වූ සභාපති එයාර් කොමදෝරු නිලූකා අබේසේකර විසින් කොවිඩ් 19 වසංගතය තුළ ශ්‍රී ලංකා හමුදා භූමිකාව පිළිබඳ සමකාලීන මාතෘකාව යටතේ  දේශනයක් පවත්වන ලදී.අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික සංදර්ශනයකින් මෙම උත්සවය වර්ණවත් කරන ලදී.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ,ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර,ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදා සහ සිවිල් යන අංශ දෙකෙහිම ඉහළ පෙළේ ප්‍රභූවරු සහභාගී වූහ.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි