ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් රුක්මන් දසනායක ගේ අධීක්‍ෂණය යටතේ 2022 පෙබරවාරි 20 වන දින ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ සේවා වනිතා ඒකකය විසින් රාමනාතපුරම් - අලගපුරි ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරන පරිත්‍යාග කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා රයිගම වජිර ඤාණ හිමියන් සහභාගී වූ අතර වේරහැර ශ්‍රී ගංගාරාම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් පාසලේ සිසුන් 92 දෙනෙකු සඳහා පාසල් නිල ඇඳුම් ඇතුළු පාසල් උපකරන පරිත්‍යාග කරන ලදී.
 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි