"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 32 වන අදියර වීරවිලදී සාර්ථකව නිම කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා වීරවිල කදවුර මගින් කතරගම ජනාධිපති මහා විද්‍යාලයේදී "ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 32 වන අදියර ඊයේ (2022 මැයි 05) සාර්ථකව අවසන් කරන ලදී.

මෙම පාසලේ සිසුන් 1500ක් පමණ අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගේ පරිභෝජනය සඳහා පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් ස්ථාපිත කර ඇත. මෙම ව්‍යාපෘතිය අතරතුර, පාසලේ හිස් වූ ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුර සමග එක්ව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබූ අතර, ගුවන් හමුදා වීරවිල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අශෝක කෝරලගේ මහතා විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි