රත්මලාන කඳවුරේ අංක 4 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 4 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ (2022 මැයි 02) පැවති අතර එහිදී ගෲප් කැප්ටන් කේඒඩීඒසී කුරුවිට විසින් ගෲප් කැප්ටන් ඩීඑල් හේවාවිතාරණ මහතා වෙත වැඩ භාර දෙන ලදී. සම්ප්‍රදායික වැඩ භාරදීමේ හා භාරගැනීමේ පෙරට්ටුව බලඝණ පරිශ්‍රයේදී බලඝණයේ නිලධාරීන්ගේ හා සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙතෙක් අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ගෲප් කැප්ටන් කුරුවිට මහතා ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට නියමිතයි. නව පත්වීම් ලද අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ඩීඑල් හේවාවිතාරණ මහතා විසින් මීට පෙර ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂයේ මාණ්ඩලික නිලධාරීවරයෙකු ලෙස කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි