"ගුවන් මිතුදම්" ප්‍රජා ව්‍යාපෘතියේ 33 වන අදියර අහංගමේදී සාර්ථකව අවසන් කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා කොග්ගල කදවුර මගින් ඊයේ (2022 ජූනි 06) අහංගම කොරහඩිගොඩ සුනාමි ගම්මානයේදී ‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 33 වන අදියර සාර්ථකව අවසන් කරන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද ජල ව්‍යාපෘතිය කොග්ගල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තිළිණ රාජපක්ෂ විසින් කොරහඩිගොඩ සුනාමි ගම්මානයේ පදිංචිකරුවන් වෙත භාරදෙන ලදී.

කරහැඩිගොඩ ප්‍රජා ජල ව්‍යාපෘතිය 2008 වසරේ සිට ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයක් හේතුවෙන් අත්හැර දමා තිබූ අතර දෛනිකව පරිභෝජනයට ජලය ලබාගැනීමට ගම්වාසීන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. මෙම මූලික අවශ්‍යතාවය සපුරාලීම සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා කොග්ගල කදවුර සාමූහික උත්සාහයක නිරත විය. විශේෂිත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අඩු වරප්‍රසාද ලත් පවුල් 35 කට ජල අවශ්‍යතාවයට පහසුකම් සැලසීමේ හැකියාව ඇත.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ කොග්ගල ගුවන් හමුදා කදවුර මගින් අරමුදල් සපයන ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී, හබරාදූව ප්‍රාදේශීය ලේකම්, කොරහඩිගොඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහ ගම්වාසීන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි