අංක 48 මූලික පැරෂුට් පුහුණු පාඨමාලව සහ අංක 13 නිදහස් ආර පැරෂුට් පුහුණු පාඨමාලා සඳහා ලාංඡන ප්‍රදානය අම්පාර ගුවන් හමුදා කදවුරේදි
අංක 48 මූලික පැරෂුට් පුහුණු පාඨමාලව සහ අංක 13 නිදහස් ආර පැරෂුට් පුහුණු පාඨමාලා සඳහා නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය අද (2022 ජූනි 16) අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු අතර සුභසාධක අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.
මෙම උත්සවය සඳහා අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු වරුණ ගුණවර්ධන, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් විජිත ගෝමිස්, විද්‍යාලයේ සියලුම නිලධාරීන් සහ උපදේශකයින් සහභාගී විය. මෙහිදි ගුවන් හමුදා නිලධාරීන් 07, ගුවන් භටයින් 29, ගුවන් කාන්තාවන් 02, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් 01, ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 05, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 04, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 01, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 02, විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 04 ඇතුළු මූලික පැරෂුට් භටයින් 39ක් සහ ස්කයිඩයිවර් භටයන් 17 දෙනෙකු සාර්ථකව පුහුණුව නිම කරන ලදි.