විශාඛා විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්වය සහ නිපුණතා සංවර්ධන වැඩසටහනක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී
කොළඹ විශාඛා විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා ‘නායකත්ව සහ නිපුණතා සංවර්ධන’ වැඩසටහනක් 2022 ජූනි 25 දින දවස පුරා ගුවන් හමුදා රත්මලාන කඳවුරේදී ගුවන් හමුදා රත්මලාන කඳවුරු ආඥාපති එයාර් වයිස් මාර්ෂල් නිහාල් ජයසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.
විශාඛා විද්‍යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත සහ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වුන මෙම වැඩසටහන ගුවන් හමුදා නිළධාරීන් විසින් මෙහෙයවන ලදී. ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 27 රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුරංග සෙනවිරත්න මහතා විසින් දේශනයෙන් අනතුරුව වැඩසටහන ආරම්භ කරන ලදී.
කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් හරහා ‘මූලික නායකත්ව න්‍යායන් සහ නායකත්ව ගුණාංග’, ‘මනෝවිද්‍යාත්මක අංශයෙන් ජීවිතය සමතුලිත කිරීම, සිහිකල්පනාව’, ‘ආහාර ආචාර ධර්ම’, ‘ප්‍රායෝගික නායකත්ව ඇගයීම සහ සංවර්ධනය’ යන සැසි හරහා සිසුන් දැනුවත් කරන ලදී. විංග් කමාන්ඩර් ජයරත්න අමරසිංහ, විංග් කමාන්ඩර් ඩිහාන් ප්‍රනාන්දු, විංග් කමාන්ඩර් චන්දන ඒකනායක, විංග් කමාන්ඩර් මෙනෝකා හපුආරච්චි, ස්කොඩ්‍රන් ලීඩර් ලිලංගි රන්දෙණි සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිමාෂා කන්නන්ගර යන මහත්ම මහත්මීන් විසින් මෙම සැසිවාර මෙහෙයවන ලදී.
කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 46 දෙනෙක් දවස පුරා මහත් උනන්දුවෙන් මෙම වැඩසටහනට ක්‍රියාකාරීව සහභාගි වූහ. තවද, මෙම වැඩසටහන අතරතුරදී කඳවුරේ ඇති ගුවන් ඉංජිනේරු ආධාරක පක්ෂාංගය සහ ගුවන් හමුදා කෞතුකාගාරය වෙත සිසුන් ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගී විය.