වාර්ෂිකව පවත්වන සර්ව රාත්‍රීක පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි 2022 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමීව වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය ඊයේ (2022 ජුනි 24) ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී.
ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩේමියන් වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් මියගිය රණවිරුවන්ට සෙත් පැතීම සඳහා මෙම පින්කම සංවිධානය කරන ලදී.
උත්සවය ආරම්භ වීමට පෙර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් කරඩුව වර්ණවත් පෙරහැරකින් රැගෙන එනු ලැබූ අතර එය පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලදී.
මෙම පිරිත් සජ්ඣායනා කිරීමේ පිංකම සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන්, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී විය.
ඉන් අනතුරුව, 2022 ජුනි 25 වන දින උදෑසන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් දුෂ්‍යන්ත රත්නායක, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ඇතුලු පිරිසක් විසින් ගෞරවනීය මහා සංඝරත්නය වෙත හීල් දානය පිරිනමන ලදී.