ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය ඊයේ (2022 ජූනි 23) දින සිදු කරන ලදී.එහිදී පිටත්ව යන අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජී.ජී.ඩබ්.ටී.කේ ගුණවර්ධන  විසින් ගෲප් කැප්ටන්  ජී.එස්.එන් ප්‍රියදර්ශන වෙත නව තනතුර භාරදෙන ලදී.

එයාර් කොමඩෝර් ජී.ජී.ඩබ්.ටී.කේ ගුණවර්ධන නිළධාරීතුමන් අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි තනතුර භාරදීමෙන් අනතුරුව ගොඩබිම් මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුර භාරගැනීම සදහා ගුවන් හමුදා මූලස්ථානය වෙත යාමට නියමිතය.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජී.එස්.එන්.ප්‍රියදර්ශන නිළධාරීතුමන් ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට පෙර ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරීවරයා ලෙස රාජකාරී කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි