රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් අංශය සිය 13 වැනි සංවත්සරය සමරයි
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගය සිය 13 වැනි සංවත්සරය ඊයේ (2022 ජුනි 20) දින සමරන ලදී. ගුවන් හමුදා මූලස්ථානය විසින් සැලසුම් කර ඇති පරිදි සෑම විටම එහි කාර්යක්ෂමතාව සඳහා පහසුකම් සැලසීමට සියලුම මෙහෙයුම් ධාවන පථ සම්බන්ධීකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා මෙම අංශය පිහිටුවන ලදී. දැනට මෙම අංශය සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධ විෂයයන් පිළිබඳ පුහුණුව ලැබූ සිවිල් ඉංජිනේරු නිලධාරීන් 13 දෙනෙකුගෙන් සහ ගුවන් භටයින් 300කට අධික පිරිසකින් සමන්විත වේ.
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්.පී.ඩී අනුරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර සැමරුම ආරම්භ වූ අතර අනතුරුව ශ්‍රමදාන වැඩසටහනක් සහ අසරණ දරුවන්ට සෙවණ සපයන “යශෝධරා ළමා නිවාසය” වෙත වියළි සලාක ප්‍රදානය කරීමක් ද සිදු කරන ලදී. උත්සවයට සමගාමීව තෙලවල "ශ්‍රී රාහුල මහා විද්‍යාලය"හිදී තවත් ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී. පාසල් සිසුන් වෙත පෝෂණ අතිරේක බෙදාදීමෙන් අනතුරුව සංවත්සර උත්සවය අවසන් විය.