දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසිරයාමේ පෙළපාලියක් පවත්වයි
අංක 67 කැඩෙඩ් නිලධාරී, අංක 19කැඩෙට් නිලධාරිනී  මූලික සටන් පුහුණු පාඨමාලා හා අංක 171 නිත්‍ය ගුවන් භට, අංක 41 නිත්‍ය ගුවන් කාන්තා, අංක 39 සෘජු ඇතුළත් වීමේ ගුවන් භට සහ ගුවන් කාන්තා බඳවා ගැනීමේ පාඨමාලා වල විසිරයාමේ පෙළපාලිය අද (2022 ජූලි 08) දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම පෙළපාලියට ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිලධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් එන්ඒඅයි ද සිල්වා විසින් අණ දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් එම්.ඩී රත්නායක මහතා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු පී.එස්.එන්.ප්‍රනාන්දු මහතා ඇතුලුව විද්‍යාලයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.

අංක 67 කැඩෙට් නිලධාරී හා අංක 19 කැඩෙට් නිළධාරිණී පාඨමාලාවට ශිෂ්‍යභට නිලධාරීන් 77 දෙනෙකු සහ අංක 171 නිත්‍ය ගුවන් භට, අංක 41 නිත්‍ය ගුවන් කාන්තා, අංක 39 සෘජු ඇතුළත් වීමේ ගුවන් භට සහ ගුවන් කාන්තා පාඨමාලාවල සාමාජික සාමාජිකාවන් 601 දෙනෙකු මෙසේ වෙහෙසකර පුහුණු කාලසීමාවක් සම්පූර්ණ කිරීමෙන් පසු විසිර යන ලදි. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී විසින් පෙළපාලිය අතරතුර අභ්‍යාසලාභීන් අමතා මූලික සටන් පුහුණුව සාර්ථකව නිම කිරීම පිළිබඳව ඔවුන් වෙත සුබපැතුම් පිරිනැමීය. ප්‍රධාන ආරාධිත අමුත්තා වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙකු වීමේ වැදගත්කම සහ මාතෘ භූමියේ මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී ඔවුන්ගේ සේවය ජාතිය වෙනුවෙන් ඉටු කිරීමේ වැදගත්කමයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි