"ගුවන් මිත්දම්" ව්‍යාපෘතියේ 35 වන අදියර පලාලි හිදී සාර්ථකව අවසන් කෙරේ
"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 35 වන අදියර ඊයේ (2022 ජූලි 11) පලාලි කදවුර මූලික කර ගනිමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ පලාලි උතුර, අන්තෝනිපුරම් ප්‍රදේශයේදී සාර්ථකව නිම කරන ලදී.

පලාලි, උතුර අන්තෝනිපුරම් ප්‍රදේශයේ ජනතාවට සේදීමට සහ නෑමට පිරිසිදු ජල පහසුකම් ලබාගැනීමට අපහසුතා රැසකට මුහුණ දුන් බැවින් ඔවුන්ට ප්‍රයෝජනයට ගැනීම සඳහා පිරිසිදු ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී ප්‍රධාන ජල මූලාශ්‍රය වන අබලන් ළිඳ හා රෙදි සෝදන ස්ථාන ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ පවුල් 20කට පමණ සෙත සැලසුණි. පලාලි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වජිර සේනාධීර විසින් මෙම ව්‍යාපෘතිය අවසන් කර ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ගුවන් හමුදා පලාලි කදවුර සමගින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසිනි. මෙම අවස්ථාව සඳහා පලාලි ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින්, අන්තෝනිපුරම් ධීවර සමිතියේ සභාපති සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි