ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය ඊයේ (2022 ජූලි 15) වන දින සිදු කරන ලදී.එහිදී පිටත්ව යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී.ජේ ගොඩකන්ද විසින් ගෲප් කැප්ටන් එස්.කේ වීරසේකර වෙත නව තනතුරේ වැඩ භාරදෙන ලදී.
නික්ම යන අණදෙන නිළධාරීතුමන් 2021 ජනවාරි 04 වන දින පාලවි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස වැඩ භාර ගන්නා ලද අතර ඔහුගේ සේවා කාලය තුළ කඳවුරු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය,බළලත් නිළධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ නව නිවස්නයේ ඉදිකිරීම් කටයුතු සහ කෝප්‍රල් සහ ගුවන් භටයන්ගේ සමාජ සාලාවේ විනෝදාස්වාද පහසුකම් නංවාලීමට ඔහු පියවර ගෙන ඇත.ගෲප් කැප්ටන් සී.ජේ.ගොඩකන්ද නිලධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර වෙත ගොස් අංක 2 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ අණදෙන නිලධාරීවරයා ලෙස නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්.කේ වීරසේකර නිළධාරීතුමන් ගුවන් හමුදා පාලවි කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට පෙර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 24 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී තනතුරේ වැඩ බලන ලදී.