කටුනායක, කුරණ 20 කණුව ප‍්‍රදේශයේ ඇති වූ ගින්න ගුවන් හමුදාව විසින් මැඩපවත්වයි
කටුනායක, කුරණ 20 කණුව ප‍්‍රදේශයේ අද උදෑසන (2022 ජුලි මස 23 වන දින) ආපනශාලාවක් තුළ හටගත් ගින්න මීගමුව නගරසභා ගිනි නිවාරණ අංශය සහ කටුනායක ආයෝජන මණ්ඩලයේ සහයෝගය ඇතිව සම්පූර්ණයෙන්ම මැඩපැවැත්විමට කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරණ අංශය සමත්විය.
ප‍්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත කටුනායක ගුවන් හමුදා කඳවුරට අයත් ගිනි නිවාරණ රථ දෙකක් සහ වතුර බවුසරයක් උපයෝගි කරගනිමින් මෙම ගින්න කිසිදු ජීවිත හානියකින් තොරව මැඩපැවැත්වීමට ගුවන් හමුදාව කටයුතු කළ අතර ගින්නෙන් වෙළඳසැල් හතරක් පමණ විනාශ වී ඇත. මෙම මෙහෙයුම උදෑසන 0345 සිට උදෑසන 0700 දක්වා ක‍්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට ගුවන් හමුදාවට හැකිවිය.