ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක නියෝජිත ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
11:46am on Thursday 28th July 2022
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී නෙල්සන් මහතා අද (2022 ජූලි 26 වන දින) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී සෙත් නෙවින්ස් මහතා, ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් මහතා ද මෙම අවස්ථාවට සහභාගිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි