ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර සිය 49 වැනි සංවත්සරය සමරයි
11:40am on Monday 1st August 2022
මොරවැව ගුවන් හමුදා කඳවුර සිය 49 වැනි සංවත්සරය අද (2022 ජූලි 29) දින සමරනු ලැබීය. වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජී එස් කරුණාරත්න විසින් සියලුම නිළධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතීමෙන් පසු  සංවත්සර සැමරුම් උත්සවය ආරම්භ විය. අනතුරුව රුක් රෝපණ වැඩසටහනක් සහ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීණි.

සංවත්සර උත්සවයට සමගාමීව 2022 ජුනි මස 28 වන දින ත්‍රිකුණාමලය රේවත ළමා ළමා නිවාසයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය පිංකමක්, වැඩබලන අණදෙන නිලධාරීතුමන්,කඳවුරෙහි අනෙකුත් නිළධාරීන්,සෙසු නිළයන් සහ සිවිල් කාර්යමන්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි