ගුවන් හමුදා පලාලි කඳවුරේ නව අණදෙන නිළධාරීවරයා වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ( 2022 ජූලි 30 ) වන දින සිදු කරන ලද අතර එහිදී ගෲප් කැප්ටන් එස්.පි.වී.කේ සේනාධීර නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන්  එම්.පි.ඒ ගලප්පත්ති නිළධාරීතුමා වෙත නව තනතුරේ රාජකාරී භාර දෙන ලදි.

ගෲප් කැප්ටන් එම්.පි.ඒ ගලප්පත්ති නිළධාරීතුමන් පලාලි කඳවුරු අණදෙන නිළධාරී ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 විවේක හා විනෝදාස්වාද සැපයිමේ පක්ෂාංගයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. නික්ම යන ගෲප් කැප්ටන්  එස්.පි.වී.කේ සේනාධීර නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී වශයෙන් වැඩ භාරගැනීමට නියමිතව ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි