බළඝණ නායක මොනාත් පෙරේරා අවසන් ගමන් යයි
පසුගිය මාර්තු මස කෆීර් ගුවන් අණතුරින් ජීවිතක්ෂයට පත් වූ බළඝණ නායක මොනාත් පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද දින සවස එනම් 2011 මාර්තු මස 05 වන දින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙතුමාගේ දේහය කිතුලම්පිටිය පිහිටි ඔහුගේ නිවසේ සිට ගාල්ල මහජන පුස්තකාලය දක්වා රැගෙන ගොස්, සවස 03 ට පමණ ගුවන් හමුදාව වෙතට භාර දෙන ලදී. ඉන් පසුව මෙතුමාගේ දේහයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවසන් ගෞරවය පිරිනමන ලදී.

අවුරුදු 29 ක් වයසැති බළඝණ නායක මොනාත් පෙරේරා මහතා 2004 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනේය. මෙතුමා මානුෂීය මෙහෙයුම් සමයේ ගුවන් හමුදාව දියත් කල සාර්තක දිවා රාත්‍රී මෙහෙයුම් රැසක් සදහා ධායක වූ නිර්භීත ගුවන් නියමවකු ද වීම විශේෂත්වයකි.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි