ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 39 වැනි අදියර ආණ්ඩියම්බලමේදී අවසන් විය
8:25am on Monday 8th August 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ කටුනායක ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 39 වැනි අදියර අද (2022 අගෝස්තු 04) ආණ්ඩියම්බලම ඩේවිඩ් ද සිල්වා පාසලේදී සාර්ථකව අවසන් කරන ලදී.

පාසල සඳහා ජල සැපයුම පහසු කිරීම සඳහා ජල ටැංකියක් ඉදිකිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අතර අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස තණකොළ කපන යන්ත්‍රයක් ද පරිත්‍යාග කරන ලදී. නිම කරන ලද පහසුකම සහ තණකොළ කපන යන්ත්‍රය ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ෂෙහාන් විජයනායක විසින් විද්‍යාලයේ විදුහල්පති වෙත භාර දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. මෙම අවස්ථාවට කදවුරේ නිළධාරීන් ඇතුලු සෙසු නිලයින් ද විදුහල්පති, ගුරුවරුන් සහ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගිවිය.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි