චීන ගුවන් හමුදා නියෝජිතයින් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ආරාධනාවකට අනුව චීන ගුවන් හමුදා චෙන්ගු ප්‍රාන්ත අණදෙණ නිළධාරි මේජර් ජෙනරාල් ඩින් ලියාන් ඇතුළු පිරිසක් අද උදෑසන ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණෙන ලදී.

තවද ප්‍රධාන කර්නල් ෂියාං ලිශෙන්, කර්නල් ෂියු කාන් සහ චීන තනාපති කාර්යාලයේ ප්‍රධාන නිළධාරි හැන් තාවෝ ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි.

මේජර් ජෙනරාල් ඩින් ලියාන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් 'මහජන නිදහස් චීන යුධ හා ගුවන් හමුදා ප්‍රධානි ජෙනරල් ෂූ ක්‍යුලියාන් නියෝජනය කරමින් පැමිණ තිබීම විශේෂත්වයකි.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි