ප්‍රථම වරට බාලිකා ගුවන් බාලදක්ෂ සාමාජිකාවන් හට ලාංඡන ප්‍රදානය කෙරේ
12:33pm on Friday 12th August 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ ගුවන් බාලදක්ෂ ක්‍ෂේත්‍රයේ පුරෝගාමියා වන අතර 57 වැනි කොළඹ ගුවන් බාලදක්ෂ බළකායේ පළමු ගුවන් බාලදක්ෂ කණ්ඩායම 1972 දී හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් පැඩි මෙන්ඩිස් නිළධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ  පිහිටුවන ලදී.මෙම වසරේ 2022 අගෝස්තු 06 වන දින ගුවන්පුරයේදී ගුවන් බාලදක්ෂයින් ස්වර්ණ ජයන්තිය සැමරූ අතර ලාංඡන ප්‍රදානෝත්සවයක්ද පැවැත්විණි.එහිදී බාලදක්ෂයින් අට දෙනෙකු (08) සහ ඉතිහාසයේ ප්‍රථම වරට බාලදක්ෂිකාවන් අට දෙනෙකුට (08) සාමාජික ලාංඡන ප්‍රදානය කරන ලදී.ගුවන් බාලදක්ෂ සමූහයේ සභාපති ගෲප් කැප්ටන් ජේ.ඒ.පී.එස් ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් සහ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් බාලදක්ෂ සමූහයේ නියෝජ්‍ය සභාපති ගෲප් කැප්ටන් ඊ.එස්.පොන්නම්පෙරුම, ජාතික බාලදක්ෂ මූලස්ථානයේ කොමසාරිස් සහ ගුවන් බාලදක්ෂ සමූහයේ ලේකම් විංග් කමාන්ඩර් එල්.එස්.ආර් පාගොඩ යන මහත්වරුන් ඇතුළු බාලදක්ෂ පුහුණුකරුවන් සහ ගුවන් බාලදක්ෂයින්ගේ දෙමාපියන් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි