රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගගන ඉංජිනේරු සහය පක්ෂාංගය සිය 13 වැනි සංවත්සරය සමරයි
ගගන ඉංජිනේරු සහය පක්ෂාංගය සිය 13 වන සංවත්සරය 2022 අගෝස්තු 14 වන දින සමරන ලදී. ගුවන්යානා සහ ඉංජිනේරු සේවා යන දෙඅංශයේම සහය ලබා දීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුවිශේෂී ඉංජිනේරු ආයතනයක් ලෙස 2009 දී ගුවන් හමුදා රත්මලාන කඳවුරේදී ගුවන්යානා ඉංජිනේරු සහය පක්ෂාංගය පිහිටුවන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම පියාසර ඉංජිනේරු අවශ්‍යතා සහ සාමාන්‍ය ඉංජිනේරු අවශ්‍යතා සඳහා සෑම අංශයකින්ම සහාය වන අතරම, විදේශ මුදල් රටට ඉතිරි කර ගැනීමට පක්‍ෂාංගය විසින් මෑත අතීතයේ දී ගුවන්යානා ඉංජිනේරු සහ සාමාන්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ හැකියාව පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව පැවැත්වීමේදී ඔප්පු කර ඇත.
ඊයේ (2022 අගෝස්තු 15) දින පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව සංවත්සර සැමරම ආරම්භ කෙරුනු අතර ගගන ඉංජිනේරු සහය පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් යු.සී.ජේ පියසේන නිළධාරීතුමන් විසින් පක්ෂාංගයේ සියලුම සාමාජිකයින් අමතන ලදී.සැමරුම් උත්සවයට සමගාමීව කඳවුරු පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක්, සුහද ක්‍රිකට් තරඟාවලියක් සහ රත්මලාන දුම්රිය ස්ථානයේ “ශ්‍රමදාන” ව්‍යාපාරයක් පවත්වන ලද අතර ප්‍රජා සේවා ව්‍යාපෘතික් ලෙස 2022 අගෝස්තු 11 වන දින ප්‍රදේශයට ආසන්න තෝරාගත් අසරණ පවුල් සඳහා වියළි සලාක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.