ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ප්‍රජා සේවා වැඩසටහනක් පවත්වනු ලබයි
ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේ 11 වන සංවත්සරයට සමගාමීව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.එම්.ආර්.දසනායක නිළධාරීතුමන්ගේ මගපෙන්වීමට අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් බෙදාදීමේ දෙවන අදියර අද (2022 අගෝස්තු 20) දින සිදු කරන ලදී.

කිලිනොච්චිය ප්‍රදේශයේ කල්මඩු සහ මයනූර් ග්‍රාම නිලධාරී වසම් දෙකක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව සමග එක්ව සලාක ඇසුරුම් මළු 200 ක් ප්‍රදානය බෙදාදෙන ලදී.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිලයින් සහ ශ්‍රී ලංකා ගලවාගැනීමේ හමුදාවේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි