කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 10 බලඝණයට නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 10 ප්‍රහාරක බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම 2022 අගෝස්තු 22 වන දින සිදු වූ අතර එහිදී විංග් කමාන්ඩර් කේජීආර්අයි පෙරේරා විසින් විංග් කමාන්ඩර් ඩබ්එම්ටීජීපීඑස්  විජේකෝන් වෙත නව තනතුරේ රාජකාරී භාර දෙන ලදී. සම්ප්‍රදායානුකූලව භාරදීමේ පෙළපාලිය බලඝණ පරිශ්‍රයේදී බලඝණ නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

අලුතින් පත් වූ අණදෙන නිලධාරිවරයා සිය සමාරම්භක දේශනයේදී බලඝණයේ අනාගතය පිළිබඳ තම දැක්ම ප්‍රකාශ කළ අතර පසුගිය වසරවල බලඝණය වෙනුවෙන් විංග් කමාන්ඩර් කේජීආර්අයි පෙරේරාගේ ප්‍රශංසනීය දායකත්වය බෙහෙවින් අගය කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි