ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් සිසුන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ
2:07pm on Tuesday 30th August 2022
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මැතිණියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා සේවා හා සිවිල් සේවකයින්ගේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය 2022 අගෝස්තු මස 26 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදි පැවැත්වුණු අතර ඒ සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී විය.

මෙහිදී 2021 වසරේදී 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් 333 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය සිදු කරන ලදි. ඒ අතුරින් 2021 වසරේ ඉහළම ලකුණු ලැබූ සිසුන් 15 දෙනෙකු හා 2019 වසරේ ඉහළම ලකුණු ලැබූ සිසුන් 05 දෙනෙකු ආරක්ෂක අමාත්‍යංශයේ ජාතික ආරක්ෂක අරමුදල විසින් ආරම්භ කරන ලද  "විරු සිසු ප‍්‍රදීප" ශිෂ්‍යත්ව අරමුදල සඳහා තෝරා ගැනීමද මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදු කරන ලදි.

මෙම සිසු සිසුවියන්ට ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංකේතාත්මකව මූල්‍ය ප‍්‍රදානය කිරීමක්  සහ පාසල් ලිපි ද්‍රව්‍ය ප‍්‍රදානය කිරීමක් සිදු කරන ලදි.

උත්සවය අවසානයේදි ගුවන් හමුදාධිපති තුමන් හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් විභාගවලින් දක්ෂතා දැක්වූ සිසුන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කරන ලදි. මෙම උත්සවය සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා, ගුවන් ලේකම් ගෲප් කැප්ටන් අනුරුද්ද විජේසිරිවර්ධන, සේවා වනිතා ඒකක භාර නිලධාරී, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, සියලූම කඳවුරුවල සේවා වනිතා ඒකක සම්බන්ධීකාරකවරුන්, ගුවන් හමුදා නිලධාරීන් හා සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි