අංක 49 මූලික ගුවන් පාඨමාලාවේ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වන ලදී.
අංක 49 මූලික ගුවන් පාඨමාලාවේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (2022 අගෝස්තු 29) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පැවැත්විණි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ, එයාර් වයිස් මාර්ෂල් ජනක අමරසිංහ සහභාගි විය.

ගුවන් හමුදා නිලධාරීන් 04 ක්, ගුවන් භටයින් 22 ක්, ගුවන් කාන්තාවන් 03 ක්, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 02 ක්, ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයින් 02 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 04 ක්, විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 01 ක්, විශේෂ කාර්ය බළකායේ සෙසු නිලයින් 02 ක් ඇතුළුව පැරෂුට් භටයින් 40 දෙනෙකු මූලික ගුවන් පාඨමාලා පුහුණුව සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ලාංඡන පළදන ලදී.අංක 49 මූලික ගුවන් පාඨමාලාවේ දක්ෂතම පැරෂුට් භටයා ලෙස නාවික නැවි කේ.ඩී.එම්.ජී.පී දිසානායක තේරී පත් විය.ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ජනක අමරසිංහ මහතා රැස්ව සිටි පිරිස අමතමින් පාඨමාලාව සාර්ථකව නිම කිරීම පිළිබඳව ඔවුන්ට සුබ පැතූ අතර ඔවුන්ගේ අනාගතයට සුබ පැතුම් එක් කළේය.

මෙහිදී ගුවන් හමුදා'ස්කයි ඩයිවින්'සංදර්ශණ කණ්ඩායම වර්ණවත් පැරෂුට් සංදර්ශණයකින් මෙම අවස්ථාව විචිත්‍රවත් කරන ලදී.අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ප්‍රියදර්ශන,පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්.ඒ.වී.ගෝමස් ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි