ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.
7:22pm on Thursday 8th September 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසලේ නව තනතුරේ වැඩ භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික  පෙළපාලිය (2022 අගෝස්තු 31) දින පෙළපාලිය භූමියේදී පවත්වන ලද අතර, පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.බි.වි වීරසිංහ නිලධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එස්.පි.එස් මාර්ටිනෝ නිලධාරීතුමන් වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩී.බී.වී වීරසිංහ නිළධාරිතුමන් 2021 අගෝස්තු 03 වන දින සිට ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගත් අතර මාණ්ඩලික නිලධාරී ඉලෙක්ට්‍රොනික 1  ලෙස රාජකාරි භාර ගැනීම සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිටත්ව යාමට නියමිතව ඇත.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්.පි.එස් මාර්ටිනෝ ගුවන් හමුදා ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ අණදෙන නිළධාරියා ලෙස පත්වීමට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරී තනතුර දරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි