ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉදිකරන ලද නිවසක් සැරයන් කරුණාතිලක කේගඑම්ගඑන්ගඑස්ග වෙත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ සහභාගීත්වයෙන් නිවස ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (2022 සැප්තැම්බර් 02) දින මිනුවන්ගොඩ කුරුඳුවත්ත කඩවීදියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබූ අතරල ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් ඉදිකිරීම් සිදු කරන ලදී. සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ උපදෙස් මත සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසංක මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසංක මාටිනෝ, සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ වෘත්තීය පුහුණු පාසලේ  නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි