
ගුවන් හමුදාධිපතිතුමන් විසින් ජාතික ආරක්ෂක විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ඔහුගේ ආර්යාව වන චාමිණි පතිරණ මහත්මිය සමඟ එක්ව ජාතික ආරක්ෂක විද්‍යාලයේ පළමු පාඨමාලාව හදාරන්නන් සහ ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් (2022 සැප්තැම්බර් 02) දින ගුවන් හමුදාධිපති නිළ නිවසේදී පවත්වන ලදී. ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු පිරිස වෙත සිය කෘතඥතාව සහ ගෞරවය ප්‍රකාශ කරමින් ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට හමුදා සම්ප්‍රදායක් ලෙස මෙය පවත්වන ලදී.
















