කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝව සිය 71 වන සංවත්සරය සමරයි
3:37pm on Friday 9th September 2022
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝව 1951 වසරේ සිට වසර 71ක කාලයක් ජාතිය වෙනුවෙන් කැපවූ සේවාවක් අවශ්‍ය අවස්ථාවලදී ඉටුකරමින් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියයි.

මෙම ඩිපෝව 1951 සැප්තැම්බර් 04 වන දින  ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් GNU Chignal ගේ අණ යටතේ රාජකීය ලංකා ගුවන් හමුදාව විසින් පිහිටුවන ලදී. 1972 වසරේ රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්කිරීමෙන් පසු එම ඩිපෝවට විංග් කමාන්ඩර් වී.ඩී.ඒ දසනායක විසින් අණදෙන ලද අතර මේ දක්වා අණදෙන නිලධාරීන් 29 දෙනෙකු අණ දී ඇත. දැනට කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝවට අණ දෙන්නේ එයාර් කොමඩෝර් සමන් උඩකුඹුර විසිනි.

ඩිපෝවේ 71 වන සංවත්සරයට සමගාමීව, චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය අද (2022 සැප්තැම්බර් 04) දින ඩිපෝ පෙළපාලිය පිටියේදී ආරම්භ කරන ලද අතර, එය අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සමන් උඩකුඹුර විසින් සමාලෝචනය කරන ලදි. අනතුරුව නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතීම සිදු කරන ලදී. එමෙන්ම ඩිපෝවේ කීර්තිය පවත්වාගෙන යාමට ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඔහු ඩිපෝවේ සියලුම සාමාජිකයින් වෙත සිය ප්‍රශංසාව පුද කරන ලදී. ඩිපෝවේ සාර්ථකත්වයට දායක වූ සැමට කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කළ ඔහු ඩිපෝවේ මියගිය විරුවන්ටද උපහාර පුද කළේය. එසේම, සේවයේ නියුතු සියලුම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආශිර්වාද ලබා ගැනීමේ සර්ව ආගමික වැඩසටහනක් ඩිපෝව විසින් පවත්වා ඇත. තවද, ඩිපෝ පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.

මීට අමතරව, කටුනායක රෙජිමේන්තු පක්ෂාංග ක‍්‍රීඩාංගනයේදී සුහද කි‍්‍රකට් තරඟාවලියක් පවත්වන ලද අතර, ඊට සේවයේ නියුතු සියලූම සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපයුම් අධ්‍යක්ෂ, එයාර් කොමඩෝර් නිශාන්ත තිලකසිංහ මහතා සහභාගී වූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, සැපයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි