ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 12 වැනි ආසියානු නෙට්බෝල් ශූරීන්ට උපහාර පිරිනැමේ
ආසියානු ශූරතාව දිනාගැනීමට මග පෑදූ ගුවන් හමුදා දැල්පන්දු ක්‍රීඩිකාවන් වන බලඝණ නායිකා චතුරංගි ජයසූරිය සහ කෝප්‍රල් රශ්මි පෙරේරා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් අද (2022 සැප්තැම්බර් 16) ගුවන් හමුදා මූලස්ථානයේදී උපහාර දක්වන ලදී.
ජාතියට ඉමහත් කීර්තියක් ගෙන දුන් ඔවුන්ගේ ඵලදායි උත්සාහය අගයමින් සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් විශේෂ ඇගැයීමක් පිරිනමන ලදී.
මෙම අවස්ථාව සඳහා ගුවන් ලේකම් ගෲප් කපිතාන් අනුරුද්ධ විජේසිරිවර්ධන, සේවා වනිතා ඒකකයේ ලේකම් කමාන්ඩර් විංග් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.