ගුවන් හමුදාපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අද දින (මාර්තු 11) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්  නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා හමුවිය.

මෙහිදී නව ගුවන් හමුදාපති පිළිගැනීම සඳහා ආචාර පෙළපාලියක්ද නාවික හමුදා මූලස්ථානයේදී  පැවැත්විණ. එසේම නාවික හමුදා උසස් නිළධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර මෙහිදී සමරු ඵලක හුවමාරුවක් ද දෙපාර්ෂවය අතර සිදුවිය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි