ඊගල්ස් මෝන්සූන් ගොල්ෆ් තරඟාවළිය 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සහ "HUAWEI Technologies" පුද්ගලික සමාගමේ ප්‍රධාන අනුග්‍රහක දායක ශක්තිය ඇතිව සංවිධානය කරනු ලැබු 2022 ඊගල්ස් මෝන්සූන් කුසලාන ගොල්ෆ් තරඟාවලිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් ක්‍රීඩාපිටියේදි සාර්ථකව අවසන්වු අතර මෙම තරඟාවළියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝම්බර් මස 01 වන දින පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා ඇතුළු ක්‍රිඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි වු අතර මෙයට සමගාමිව සංවිධානය කර තිබු ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය සදහා ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රිඩකයන් පිරිසක්ද සහභාගි විය

ඊගල්ස් මෝන්සූන් තරගාවළියේ පිරිමි ශූරතාවය දෙනෙත් කුලතුංග විසින් හිමිකරගත් අතර කාන්තා ශූරතාවය ස්වෙනිතා සෙල්වරත්නම් විසින් හිමිකර ගන්නා ලදි. ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන විසින් දිනාගන්නා ලදි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි