2022 - “ගුවන් රන්දරු සිත්තම” චිත්‍ර තරගය ලෝක ළමා දිනයට සමගාමීව අවසන් වේ
2022 ලෝක ළමා දින සැමරුමට සමගාමීව ගුවන් හමුදා පවුල්වල දරුවන්ගේ අදහස් පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් “ගුවන් රන්දරු සිත්තම” චිත්‍ර තරගය - 2022 සංවිධානය කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පැවති "ලෝක ළමා දින" උත්සවයේදී ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කරන ලදී. ජයග්‍රාහකයින්ට අමතරව තරඟයට සහභාගී වූ සෑම තරඟකරුවෙකුටම ඔවුන්ගේ වටිනා සහභාගීත්වය ඇගයීම සඳහා සහතික පත්‍රයක් ප්‍රදානය කරන ලදී.

පසුගිය මාසයේ ගුවන් හමුදා මූලස්ථානයේ පැවති චිත්‍ර තරඟයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු සියල්ල නියෝජනය කරමින් තරඟකරුවන්ගේ සිතුවම් 500 කට ආසන්න ප්‍රමාණයක් අවසන් කරන ලදී. ගුවන් ලේකම් ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී.

"ගුවන් රන්දරු සිත්තම" චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්

වයස අවුරුදු 06 සිට 08 දක්වා

බී.ඩබ්ලිව්.සේයාර තෙනුලි බණ්ඩාර - පළමු ස්ථානය මොරවැව ගුවන් හමුදා කඳවුර

ටී මහේශාක්‍ය අබේසේකර - දෙවන ස්ථානය කොළඹ ගුවන් හමුදා කදවුර

පී.ඩී තිනුල කෙමින් ලලක - තෙවන ස්ථානය වීරවිල ගුවන් හමුදා කඳවුර

වයස අවුරුදු 09 සිට 11 දක්වා

පී.එම්. රිතාරා පෙත්මිණි බණ්ඩාරනායක - පළමු ස්ථානය ගුවන් හමුදා රත්මලාන කඳවුර

එස්.ඩි.ජී අනුජ මතීෂ ජයසිංහ - දෙවන ස්ථානය ගුවන් හමුදා කඳවුර සීගිරිය

එච්.කේ.චනුලි නිවේතා දිනන්දි බණ්ඩාර - තුන්වන ස්ථානය කටුනායක ගුවන් හමුදා කඳවුර

වයස අවුරුදු 12 සිට 14 දක්වා

එන්.එච්.ඩබ්ලිව් සදෙව් නිම්සර - පළමු ස්ථානය වීරවිල ගුවන් හමුදා කඳවුර

එම් සජලි සවිත්මි තෙහෙරා ප්‍රනාන්දු - දෙවන ස්ථානය කටුනායක ගුවන් හමුදා කඳවුර

ඩබ්ලිව් ඒ සෙනාරි චිත්‍රා විජේනායක - තෙවන ස්ථානය ගුවන් හමුදා වෙළඳ පුහුණු පාසල ඒකල

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි