ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීමේ වැඩසටහනක් දියත් කරයි
"ජාත්‍යන්තර වැඩිහිටි දිනය" නිමිත්තෙන් විශේෂ පරිත්‍යාග වැඩසටහනක් ඊයේ (2022 ඔක්තෝම්බර් 03) මහරගම "සුචරිතෝදය නිවස" පරිශ්‍රයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි  චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ පැවැත්විණි.

විශේෂ අවශ්‍යතා මත දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන වයෝවෘද්ධ හා තරුණ රැඳවියන් 66 දෙනෙකු සඳහා "සුචරිතෝදය නිවස" නම් පහසුකම මඟින් රැකවරණය සහ ප්‍රතිකාර ලබා දේ. මෙම සංචාරයේදී සේවා වනිතා ඒකකය විසින් නව මෙට්ට, සංචලන උපකරණ, වියළි සලාක, ඇඳ ඇතිරිලි සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලද අතර ගුවන් හමුදා කැලිප්සෝ තූර්ය වාදක කණ්ඩායමේ සංගීත සංදර්ශනයක්ද පවත්වන ලදි. ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු සුරේෂ් ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් ශ්‍රමදාන ව්‍යාපාරයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ භාර්යාවන්, ගුවන් හමුදා කොළඹ කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, ජෙස්මින් ප්‍රනාන්දු මහත්මිය, සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්යමණ්ඩගයේ පිරිසක් මෙම අවස්ථාවට  සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි