ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 44 වන අදියර කටුකුරුන්දේදී අවසන් වේ
6:32am on Friday 28th October 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර මගින් 2022 ඔක්තෝම්බර් 05 වන දින කළුතර උතුර එතනමඩල කනිෂ්ඨ විද්‍යාලයේදී "ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 44 වන අදියර සාර්ථකව නිම කරන ලදී.

කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි නිළධාරීතුමන් විසින්  එතනමඩල කනිෂ්ඨ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද පාසල් වැට, ළමා උද්‍යානය සහ වොලිබෝල් පිටිය දරු දැරියන් වෙත ලබා දෙන ලදී. විද්‍යාලයේ බුදු මැදුර ඇතුළු සියලුම පන්තිකාමර ප්‍රතිසංස්කරණය කිරීම සහ තීන්ත ආලේප කිරීම අණදෙන නිලධාරීතුමාගේ  අධීක්ෂණය යටතේ සිදු විය. කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර විසින් පන්ති කාමර කිහිපයක කලා කටයුතු නිම කිරීම සඳහා ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී.මෙම අවස්ථාව සදහා කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජයමිණි කුමාරසිංහ මහත්මිය,කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ නිලධාරින් සහ සෙසු නිලයින්, විදුහල්පති, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි