එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න බාලසූරිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
7:27am on Monday 31st October 2022
එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න බාලසූරිය USP, MMS , MDS, BA (Def Stu), MIM (SL), hdmc, psc, වසර 35 කට වැඩි සේවා කාලයක් අවසන් කිරීමෙන්  පසු අද (2022 ඔක්තෝබර් 07) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි. විශ්‍රාම යන විට ඔහු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධීකාරක තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් බාලසූරිය විසින් 2022 ඔක්තෝම්බර් 05 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ කාර්යාලයේදී නිල සමුගැනීම සිදු කරන ලදී. අපගේ මාතෘභූමියට අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ අතර ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බව ද ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් බාලසූරිය මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. පසුව, ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර අද දින (2022 ඔක්තෝම්බර් 07) ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ අංශය විසින් ඔහුට උත්සවාකාර ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න බාලසූරිය 1987 ජූලි 21 වන දින කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 05 වැනි බඳවා ගැනීම් සඳහා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ අතර 1989 වර්ෂයේ පරිපාලන ශාඛාවේ නියමු නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා ඇත. ඔහුගේ පුහුණු කාලය තුළ පරිපාලන ශාඛාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස උසස් පුහුණුව සම්පූර්ණ කිරීමට පෙර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මූලික සටන් පාඨමාලාව සහ උපාධිය සම්පූර්ණ කළේය. 1990 වර්ෂයේ පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔහු සහකාර පරිපාලන නිලධාරියා ලෙස සීගිරිය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි සිදුකරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි